දේශීය පුවත්

බස්නාහිර සහ පුත්තලම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා 11 වෙනි සඳුදා සිට යළි විවෘත කිරීමට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දැනුම්වත් කරන අති විශේෂ ගැසට් පත්‍රය සති අන්තයේ දී නිකුත් කිරීමට නියමිත ය.

ආරක්ෂක සහ සෞඛ්‍ය අංශයන්හි ප්‍රධානීන් සහභාගීත්වයන් අද පවත්වනු ලබන විශේෂ සාකච්ඡාවේදී ඒ පිළිබඳ සියලු තීන්දු තීරණ ගනු ලබන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එකවර කොරෝනා රෝගීන් පොකුරු කිහිපයක් යළි මතුවුවහොත් ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග වෙනස් වීමට ද ඉඩ ඇති නමුත් දැනට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයන්ට අනුකූලව 11 වෙනිදා අත්‍යාවශ්‍ය සේවාවන් ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතරේම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනු ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

එමෙන්ම අදළ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික අංශවල සේවය සඳහා කැඳවිය හැක්කේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3 ක් පමණි. එසේ ගෙන්වා ගන්නා සේවකයින්ගේ තොරතුරු ඇතුළත් ලිපියක් අදාල ආයතන විසින් නිකුත් කළ යුතුය.

තව ද එළඹෙන සඳුදා සිට ක්‍රියාත්මක වන බව පැවසුව ද එය ආරම්භයක් පමණක් වන අතර එම ආයතනයන් ප්‍රයෝගිකව යථා තත්ත්වයට පත්වීම අඟහරුවාද, බදාදා යන ඉදිරි දින කිහිපයේදී සිදු වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More