දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය.
ඊයේ (08) දින නුවරඑලියයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ග නිසා කොරොනා වෛරසය පැතිර යන එකත් , වෛරසය හේතුවෙන් මිය යන පිරිස අවම කර ගන්න සමත් වෙලා තියෙනවා. විපක්ෂය විවිධාකාර චෝදනා මේ අවස්තාවේ එල්ල කරනවා. පළමුව ජනතාව දෙවනුව දේශපාලනය විදිහට හිතලා කටයුතු කරන්න කියලා මම විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. පසුගිය එන්ගලන්තයේ ඉදලා ආව ශිෂ්‍යයන් ගුවන්තොටුපොලේදි පොඩි සිද්ධියක් ගැන කතා වෙනවා. ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ දරුවත් ඉන්නවා කියලා දිගින් දිගටම මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට චෝදනා කරනවා.ඒ කොමිසමේ සමාජිකයෙක් වන හූල්ගේ දියණිය ඇවිල්ලා කියන දේ ගැන ඇයි කතා නොකරන්නේ . එක් පාර්ශිකව කටයුතු කරන්න හදන්නේ ඇයි? ඔහු තමයි දින 52 ආණ්ඩුව ගැන විවිධ කටකතා ජාත්‍යන්තරයට පතුරවපු කෙනා, වත්මන් තත්ත්වය පිලිබදවත් විවිධ කටකතා හූල් නැමැත්තා විසින් ජාත්‍යන්තරයට පතුරවමින් අපේ රට ආගදයට ඇද දාන්න කටයුතු කරමින් සිටිනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පමණක් නෙවෙයි හූල්ගේ දරුවත් මෙතට සම්බන්ධ වෙලා තියෙනවා.”
(හැටන් රංජිත් රාජපක්ෂ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...