කොරෝනා රෝගය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවත්නා මෙවන් මොහොතක ශරීරයේ ප‍්‍රතිශක්තිය රැුක ගැනීම සඳහා හැකි සෑමවිටම ස්වභාවික රසකාරක වන දේශීය කුළුබඩු ආහාරයට එකතු කර ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි.
අතීතයේ පැවති අපේ පාරම්පරික දේශීය ආහාර රටාවට නැවත හැරී බැලීමට යළිත් කාලය එළැඹ ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ආහාර සැකසීමේදී කහ , ඉඟුරු, ගොරකා, ගම්මිරිස්, කුරුඳු වැනි කුළුබඩු භාවිත කිරීම මඟින් පුද්ගලයාගේ සිරුරේ ප‍්‍රතිශක්තිය ආරක්ෂා වී රෝගවලට ඔරොත්තුදීමේ ශක්තිය වර්ධනය වන බව විවිධ පර්යේෂණ මඟින් ඔප්පු වී ඇති බවද අපේ පැරණි ගැමි ජනතාව ආහාර සැකසීමේදී කුළුබඩු යොදා ගනු ලැබුවේ ආහාර රසවත් කිරීමට පමණක් නොව ඒවායේ පවත්නා ඖෂධීය ගුණ පිළිබඳවද අවධානය යොමු කරමින් බවත් පවසන එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටින්නේ ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ පා සිටින මෙවන් මොහොතක ආහාර රසවත් කිරීම සඳහා කෘත‍්‍රීම රසකාරක යෙදීමෙන් හැකිතාක් වළකින ලෙසට හා ඒ වෙනුවට ස්වභාවික රසකාරක වන කුළුබඩු යොදා ගන්නා ලෙසටය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...