මුහුණු පොතෙන්

කොවිඩ් 19 ආසාදිත ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකි බවත්, මෙම සොයාගැනීම වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇත්ද යන සැකය මතුකරන බවත් චීනයේ සිදුකළ අධ්‍යයනයකදී අනාවරණ වී තිබේ.

කොවිඩ් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ එක් දහස ඉක්මවා ඇති අතර වාර්තා වන මුළු ආසාදිතයන් ගණන තිස්නව ලක්ෂ තිස් දෙදහස් නවසිය අසූ හතරක්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් කොවිඩ් පරීක්ෂාවකට ලක් කර ඇති අතර ඔවුන් දෙදෙනාට වෛරසය වැළඳී නොමැති බව තහවුරු වී තිබේ.

මෙම පරීක්ෂාව සිදුකෙරුණේ ජනපති ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකයෙකු ලෙස සේවය කරන එරට නාවික හමුදාවේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වීමෙන් පසුවයි.

මෙම පෞද්ගලික සහායකයන් ජනාධිපතිවරයාගේ ආහාරපාන සඳහා සෑම අවස්ථාවකදීම වගකියන ,  ජනාධිපතිවරයා සමඟ නිරන්තරයෙන් ගැවසෙන පුද්ගලයන් වෙයි.

ධවල මන්දිර කාර්ය මණ්ඩලය සඳහා දැඩි සමාජ දුරස්ථ පියවර ක්‍රියාත්මක නොවන අතර  මුඛ ආවරණ පැළඳීමද අනිවාර්ය කර නැහැ.

සිය පුද්ගලික සහායකයා වෛරසයට ගොදුරු වීමෙන් පසු ජනාධිපතිවරයා දැන් පවසන්නේ තමන් දිනපතා කොවිඩ් පරීක්ෂණයට යොමුවන බවයි.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් අලුතින් මරණ 2,129 ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 76,928 දක්වා ඉහළ ගියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More