දේශීය පුවත්

අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ.

එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබඳ මෙරට දැඩි කතාබහක් ඇතිවූයේ රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි.

රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය අගෝස්තු 11 වනදායි.

ඊට පෙර මාර්තු මාසයේදීම ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගන්නා බවට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ.

මේ අතර සිවිල් සංවිධාන කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළේය.

එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තහවුරු කළේය.

මේ අතර අමෙරිකානු එක්සත් ජනපද මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ආදායම් බදු ලැයිස්තුවෙන් නම් ඉවත් කරගන්නා අයගේ නාම ලේඛනය අද ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත්ව තිබේ.

අමෙරිකානු එක්සත් ජනපදයේ පුරවැසිභාවය ඉවත් කරගන්නා පිරිසගේ නාම ලේඛනය ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More