මේ දින වල සමාජ මාධ්‍ය වල පැතිරී යන කරුණු කීපයක් සාවද්‍ය බව තහවුරු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයට අනුව අමාත්‍යංශ වලට වාහන ගෙන්වීම රුපියල් ලක්ෂ 3000ක් වෙන් කර නැති බවත් එවැනි කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වී නැතැයි ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන තහවුරු කර තිබෙනවා.
අමාත්‍යවරුන්ට හා හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට ගෙනයන ප්‍රචාර අසත්‍ය බව ද එහි සඳහන්.
ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් රාජ්‍ය අංශයේ ප්‍රධානීන් වෙත 2020 මැයි 05 දින නිකුත් කරන ලද පුද්ගලික ආයාචනය සම්බන්ධයෙන් දායකත්වය දැක්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සම්පූර්ණ කළ යුතු ආකෘති පත්‍රය යයි දක්වමින් සමාජ මාධ්‍ය වල හුවමාරු වන්නේ ව්‍යාජ එකක් බවද දැක්වෙනවා.
ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මඟින් ඉල්ලා ඇත්තේ සිය කැමැත්ත මත පමණක් මැයි මස වැටුපෙන් යම් දායකත්වයක් වැන්දඹු හා අනත්දරු අරමුදලට ලබා දෙන ලෙස පමණක් බවත් එම නිවේදනයේ සඳහන් වනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...