දේශීය පුවත්

කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර එ අනුව මරදාන වතු නිවාස පිහිටි ප්‍රදේශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය.

මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික අධිකාරිවත්තගේ මහතා මෙහිදී පවසා සිටියේ, ප්‍රජාව ආශ්‍රිතව සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් රෝගීන් වාර්තා නොවු බවයි.

නමුත් අද දිනයේ දීත් කොළඹ මහනගර සභාවේ ආරක්ෂක රාජකාරිවල නිරතවන අය, මරදාන 2 බී සෞඛ්‍ය කාර්යාලයේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැනි අවධානම් පිරිස් පරික්ෂාවට ලක් කළ බවද ඒ මහතා පැවසීය.

ආසාදිතයින් වාර්තා නොවුනත් මෙම පරීක්ෂණ දීර්ඝ ලෙස සිදු කරනු ලබන්නේ මෙම වෛරසය ශරීර ගත වුවන් සිටි ද යන්න සොයා බැලීමට බවද ඒ මහතා කියා සිටියේය.

මේ අතර, ඊයේ(07) දිනය තුළ පමණක් PCR පරීක්ෂණ 1553 ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙයින් 400 ක් පමණ කේෂ්ත්‍රයේ සිදු කළ පරීක්ෂණ බවත් අනෙක් 300 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථානවල සිදු කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

රට ක්‍රමයෙන් විවෘත කිරීමත් සමඟ රට නැවතත් යම් අවධානමකට පත් වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අද(08) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ එක්වෙමින් වෛද්‍යවරයා මෙම අදහස් පළ කළේය.

රටේ පවතින ආර්ථිකය සමඟ රට විවෘත නොකර තබා ගැනීම අසිරු වන බවත් පැවසු වෛද්‍යවරයා, සෞඛ්‍ය අංශවලින් ලබා දෙන මාර්ගෝපදේශන නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙම අවස්ථාවේ ඉතා වැදගත් වන බව ද පැවසීය.

ලංකාව මෙතෙක් සුරක්ෂිතව තබා ගත් ලෙසම ඉදිරියටත් පවත්වා ගෙන යෑම වැදගත් වන බවද අනිල් ජාසිංහ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More