දේශීය පුවත්

එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මනාප අංකය ලබාදීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් විසින් එම මුදල ගෙවිය යුතුය. රාජ්‍ය අමාත්‍යවරුන් සිය නිල වාහන සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඉකුත් මාර්තු 18 වැනිදා සිට අදාළ අය කිරීම ගෙවිය යුතුය.

මේ පිළිබද තීරණයකට එළඹ ඇත්තේ ඉකුත් 06 වැනිදා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී බව වාර්තාවේ.

එළඹෙන මහ මැතිවරණයේ මැතිවරණ කටයුතු සඳහා නිල වාහන සහ නිල නිවස භාවිත කරන්නේ නම් ඒ සදහා මසකට රුපියල් ලක්‍ෂයක් බැගින් මුදලක් ගෙවිය යුතු බවට ඉකුත් මාර්තු 18 වැනිදා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් පති‍්‍රකාවක් නිකුත් කරනු ලැබීය.

ඉකුත් ආණ්ඩුවද 2015 වසරේදී මෙම ක‍්‍රමවේදයම අනුගමනය කළ අතර ඒ අනුව යමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද අදාළ කැබිනට් පති‍්‍රකාව ඉදිරිපත් කර ඇත. මෙම තීරණය අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරු මෙන්ම හිටපු කථානායකවරයා, හිටපු විපක්‍ෂ නායකවරයා සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ටද අදාළවේ.

2015 වසරේ එවක මැතිවරණ කොමසාරිස් වූ, වත්මන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසා තිබුණේ අග‍්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිය නිල රථය සහ නිල නිවස මැතිවරණ කටයුතු සදහා භාවිත කරන්නේ නම් ඒ සදහා මුදලක් අය කිරීම යෝග්‍ය බවයෙ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More