දේශීය පුවත්

විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල් භාවිත කිරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද හානිදායක වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

විශේෂයෙන්ම විෂබීජහරණ කුටි ඉදි කරමින් විෂබීජහරණ ද්‍රව්‍ය ශරීරයට ස්පර්ශ වීම පෙණහලුවලට හානි දායක විය හැකි බව එම පණිවඩුයේ සඳහන් වෙයි.

ශරීරයට විෂ බීජ නාශක ද්‍රව්‍ය ඉසීමෙන් විෂබීජ හරණයක් සිදු නොවන බවත් ඒ සඳහා ජනතාව ස්පර්ශ කරන පෘෂ්ඨවල විෂබීජ හරණය කළ යුතු බව සෞඛ්‍ය අධ්‍යයන කාර්යාංශය අවධාරණය කර ඇත.

රාජ්‍ය ආයතනවල විෂබීජහරණ කුටි ඉදි නොකරන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

ඒ අනුව විෂබීජහරණය සඳහා එතනෝල් මුදා හැරීම සීමා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරයි. විෂබීජ හරණය සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව එතනෝල් ලීටර ලක්ෂ 08ක් මේ වන විට මුදා හැර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More