කොවිඞ්-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නෞකාවල සේවය කරන දස දහස් ගණනක පිරිසක් නෞකා තුළටම සිරවී මුහුදේ කාලය ගත කිරීමට සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය අනාවරණ කළේ බොහෝ නෞකාවල සිටි මගීන් සිය නිවෙස්වලට ගොස් ඇතත් නෞකා කාර්ය මණ්ඩලයට එම අවස්ථාව අහිමි වී ඇති බවය.
අමෙරිකානු, බහමාස් සහ කැරබියන් දූපත් ආශි‍්‍රත මුහුදු තීරයේ නෞකා 74 ක් ඇති අතර ඒවායෙහි සිරවී සිටින සංඛ්‍යාව 57,000 කි.
පවතින තත්ත්වය හමුවේ පහසුකම් සහ සේවා ලබාගැනීමට පවා නෞකාවලට සිය වරායන්ට ඇතුළුවීමට බොහෝ රටවල් ඉඩ නොදුන් අවස්ථාද වාර්තා වේ. එලෙස ඉඩ ලැබෙන වරායන්වලදී පවා නෞකාවල කාර්ය මණ්ඩලයට නෞකාවෙන් පිටතට පැමිණීමේ අවස්ථාව ඉතා අවම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර නවතම වාර්තාවන්ට අනුව ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39 ලක්‍ෂ 12,016 කි. ගත වූ පැය 24 වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 94,634 ක් වේ.
ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව දෙලක්‍ෂ 70,333 ක් වනවා. ගත වූ පැය 24 වාර්තා වන මරණ සංඛ්‍යාව 5,496 කි. ලොවපුරා වෛරසය ආසාදනය වූ 13 ලක්‍ෂ 40,553 දෙනෙකු සුවය ලැබුවේය.
ගත වූ පැය 24 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 28,712 කි. ඒ අනුව අමෙරිකාවෙන් පමණක් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12 ලක්‍ෂ 91,804 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගත වූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද අමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 2,090 කි. ඒ අනුව අමෙරිකාවෙන් පමණක් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 76,889ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාවට පසු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගත වූ පැය 24 වාර්තා වී ඇත්තේ රුසියාවෙන් ය. එම සංඛ්‍යාව 11,231 කි. ඒ අනුව රුසියාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 77,160 ක් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...