දේශීය පුවත්

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සේවයට කැඳවිය නොහැකි සහ නිවෙස්වල රැඳී සිටින පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් සඳහා අවම වශයෙන් මූලික වැටුපින් අඩක් හෝ රු. 14500 ක් යන ආකාර දෙකෙන් වැඩි මුදලක් ලැබෙන ක්‍රමය වැටුප් ලෙස ගෙවීමට රජය සහ හාම්පුතුන්ගේ සංගමය අතර එකඟතාවට පැමිණ ඇත.

කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු කොමසාරිස්, අමාත්‍යංශ ලේකම්, හාම්පුතුන්ගේ සංගමයේ නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි වූ විශේෂ ත්‍රිපාක්ෂික කමිටු රැස්වීමකදී මෙම එකඟතාවන්ට පැමිණ තිබේ.

ඒ අනුව 2020 මැයි සහ ජුනි මාසවලට අදාළ වන පරිදි සේවයේ යෙදෙන කාලය සඳහා සේවකයන්ට සේවා ගිවිසුම අනුව නියමිත දීමනා සමග වැටුප් ගෙවීමද අනිවාර්ය වේ.

එසේම සියලුම සේවකයන් වෙනුවෙන් සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලට මුදල් වෙන් කිරීමටද හාම්පුතුන්ගේ සංගමය මෙහිදී එකඟ වී තිබේ.

මීට අමතරව මැයි 11 වැනිදායින් අනතුරුව හැකියාව ඇති සෑම ව්‍යාපාරයක්ම ඇරඹීමට මෙන්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව සේවා ස්ථානයන්හි සාමාන්‍ය පරිදි සේවය ආරම්භ කිරීමටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More