දේශීය පුවත්

සැදැහැවතුන් සිය නිවෙස්වල සිටම අද(07) දිනයේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් සිල් සමාදන් වීම ඇතුළු ප්‍රතිපත්ති පූජාවල නිරතවන ආකාරය දක්නට ලැබුණි.

මේ අතර නිවෙස්වල සිට සිල් සමාදන් වූ ගංගාරාම රජමහා විහාරස්ථානයේ උපාසක උපාසිකාවන් වෙත නිවෙස්වලට ගොස් දහවල් දානය පිරිනැමීම එම විහාරස්ථානයේ දායක පිරිස සහ ආරක්ෂක අංශ වල මැදිහත්වීමෙන් මෙලෙස සිදුකෙරුණි.

බලපිටිය යෝගාශ්‍රම විහාරස්ථානය පවතින ඇඳිරි නීති තත්වය සැලකිල්ලට ගනිමින් අද එම ප්‍රදේශයේ සැදැහැවතුන්ට නිවෙස්වල සිට සිල් සමාදන් වීම සඳහා අවස්ථාව සලසා තිබුණේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින්.

විහාරස්ථානයේ සිට සිදු කළ ධර්ම දේශනා ඒ ඔස්සේ ශ්‍රවණය කිරීමට ඉඩ සලසා තිබුණි.

මේ අතර අයි ඩී එච් රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ් 19 ආසාදිත රෝගීන් අද ප්‍රතිකාර අතරතුර සිල් සමාදන් විය.

රෝගීන් මෙන්ම රෝහලේ කාර්යය මණ්ඩලයද රාජකාරී අතරතුර සිල් සමාදන් විය.

මේ අතර ප්‍රඥා සම්පන්න දැහැමි සමාජයක් බිහිකිරීමේ අරමුණින් පවත්වනු ලබන අමා දම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 197 වන ධර්ම දේශනය අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහමන්දිරයේදී පැවැත්විය.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති සිංගප්පුරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන නා හිමි විසින් මෙවර ධර්ම දේශනය පවත්වනු ලැබීය.

පූජ්‍ය ඕමාරේ කාශ්‍යප හිමි විසින් රචිත බුදු මඟ යළි සිහිගැන්වූ කොරෝනා නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීමද මෙහිදී සිදුකෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More