දේශීය පුවත්

සේලයින් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ රැසක් මෙරටදීම නිෂ්පාදනය කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඖෂධ ආනයනයට වැය වූ විනිමය විශාල ප්‍රමාණයක් රටට ඉතිරි කරගැනීමට ඉදිරියේදී අවස්ථාව සැලසෙනු ඇති.

1987 ජපානයෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අපේ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමටත්, ඖෂධ මිලෙහි පවත්නා වෙළඳ අධිකාරියෙන් ජනතාව ආරක්ෂා කිරීමටත් කටයුතු කරන මෙරට තුළ ඖෂධ නිපදවන එකම රාජ්‍ය ආයතනයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිර්දේශ කර ඇති පරිදි යහ නිෂ්පාදන පුරුදු හෙවත් GMP අවශ්‍යතා සපුරාලමින් ක්‍රියාත්මක වන රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව රටේ ඖෂධ අවශ්‍යතාවයෙන් 12%ත් 15%ත් අතර ප්‍රමාණයක් සම්පූර්ණ කරනු ලබන ඖෂධ නිෂ්පාදනයට අදාළ සුවිශේෂී ඉලක්කයන් රැසක් සම්පුර්ණ කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු කර අවසන්.

මේ වනවිට පැසිඩෝල් වෙළඳ නාමය යටතේ ශ්‍රෘ ලංකාවට අවශ්යෂ පැරසිටමෝල් නිෂ්පාදනය කිරීම රාජ්යව ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් ඉතා සාර්ථකව සිදුකරමින් පවතින අතර සිරුරේ දූවිලි අංශුවක් හෝ ඇතුළු නොවන අයුරින් දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් උසස් තත්ත්වයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමට ඔවුන් කටයුතු කරයි.

වසර 30කට අධික කාලයක් ඖෂධ නිෂ්පාදනය සම්බන්ධයෙන් ගොඩනගා ගත් විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් නවීන තාක්ෂණික උපාංග උපයෝගී කරගනිමින් ඖෂධ නිෂ්පාදනයේ නව ඉලක්ක කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මේ වනවිට සැලසුම් සකස් කර අවසන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More