රට බරපතළ ව්‍යසනයකට මුහුණ දී සිටින මේ මොහොතේ අසල්වාසී බෞද්ධ සහෝදර සහෝදරියන්ට වෙසක් උළෙල අර්ථවත් ලෙස සැමරීම සඳහා සහාය වන මෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටිති. උන්වහන්සේ මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ වෙසක් උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි. එහි මෙසේද සඳහන් වෙයි.
බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිකෙරෙන මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවාසී මා හිතාදර අතිපූජනීය භික්ෂුන් වහන්සේලාටත්, බහුතරයක් වන ලක්වැසි බෞද්ධ ජනතාවටත් කතෝලික ජනතාව වෙනුවෙන් ආශීර්වාදාත්මක ප්‍ර්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී මම කියන්නට ඕනෑ බෞද්ධ දර්ශනයෙන් මනුෂ්‍ය ජීවිතයට ලැබී තිබෙන පන්නරය සුවිශාලයි. එතුළින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සභ්‍යත්වය සහ ගතිපැවැතුම් නිර්මාණය වෙලා තියෙනවා. වසර දෙදහස් පන්සියයකටත් ඔබ්බට යන ඒ සම්ප්‍රදාය අපේ රටේ ජීවනාලිය බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා බුදුදහම පිළිබඳව අපට තියෙන්නේ විශාල පිළිගැනීමක් හා ගෞරවයක්. බුදු දහම නිසා තමයි අපිට නිදහසේ අපේ ආගම් ඇදහීමට පරිසරය නිර්මාණය වෙලා තියෙන්නේ.
කොවිඩ් වසංගතය නිසා වෙසක් උළෙල නියමාකාරයෙන් පවත්වන්න නොහැකි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පොදුවේ කළ හැකි දේ කරන්නට නොහැකි වී තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒ පිළිබඳ අපි කනගාටු වෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...