දේශීය පුවත්

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් ඒකාබද්ධ නිවේදනයක්

දිවයිනේ සියලු විහාරස්ථානවල දී හා ඉන් පිටත දී ජනතාව එක්රැස් වන සේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදී පුණ්‍යෝත්සව සංවිධානය නොකොට මෙවර නිවෙස් තුළ දීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්ත වූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරීම වඩාත් යෝග්‍ය බව ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිති.

මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න, උඩරට අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිව්නම විසින් මෙම ඒකාබද්ධ වෙසක් දින පණිවිඩය නිකුත් කරනු ලැබ තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

“සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකළ ක්ලේෂයන් ප්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය,බුද්ධත්වය,පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යයෝත්සව දිනයයි. මෙදින දාන, ශීල, භාවනා ආදී ආමිස හා ප්‍රතිපත්තිමය පූපෝපහාරයන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකළ ලෝකවාසී බෞද්ධයන්ගේ සිරිත විය.

එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ලොව පුරා බලවත් රාජ්‍යයන් හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාලීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස්වලට පමණක් සීමා වෙමින් වෙසක් පුණ්‍යෝත්සව පිංකම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.

“ඒ අනුව බුදුන්වහන්සේගේ ඉගැන්වීම පරිදි සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් සැම සත වෙනුවෙන් මෙත් වඩමින් ලෝකවාසීන්ට අවිහිංසාවාදී ධර්ම මාර්ගයක් දේශනා කළ තථාගතයන් වහන්සේ විෂයෙහි කරන උතුම් පූජාවක් වශයෙන් උන් වහන්සේගේ පරම පූජනීය ගුණයන් සිහිපත් කරමින් සැදැහැ සිතින් කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගනිමු. එසේම ආරෝග්‍යා පරමාලාභා යන බුදු වදන අනුව යමින් නිරෝගීකම සියලු සත්ත්වයන්ට සැලසෙන පරම ලාභයක් සේ සලකා මෙම වෙසක් සමය තුළ සියලු දුසිරිතෙන් වැලකී අධ්‍යාත්මක ගුණධර්ම දියුණු කරගෙන එම සත්‍යක්‍රියා බලය තුළින් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කාරුණාධ්‍යාශයෙන් ආශිංසන කර සිටිමු.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More