දේශීය පුවත්

ලබන ජූනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රෙෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත්කර ඇත.

එකී මැතිවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප‍්‍රථමයෙන් නීතීඥ චරිත ගුණරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළ අතර ඉන්පසු විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු මහතාත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ඇතුළු අට දෙනෙක්ද ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් ඊයේ (06දා) පස්වරුව වන විට එකී පෙත්සම් ඉදිරිපත්කර තිබුණි.

ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම්වරයා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් මහ මැතිවරණයට අමතරව පසුගිය ඔක්තොම්බර් 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධවද කරුණු දක්වා ඇත. ඒ අනුව රජයේ මුදල් වැය කිරීමට වර්තමාන රජයට නීතිමය බලයක් හිමි වනුයේ අපේ‍්‍රල් මස 30 වැනිදා දක්වා පමණක් බවත් ඉන්පසු රජයේ මුදල් වැය කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් එකී පෙත්සම මගින්

ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇති අතර  පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එසේ මුදල් වැය කිරීම මගින් වර්තමාන රජය තමන්ගේ සහ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නියෝගයක් නිකුත් කරන ලෙසටද නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් ගොනු කළ අදාල පෙත්සම මගින් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ද නීතිපතිවරයාද නම්කර ඇත.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More