බ්‍රිතාන්‍යයේ සිරවී සිටියදී ලංකාවට පැමිණීමට අවශ්‍ය බවට ඉල්ලීම් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූවන් රැගෙන ඒම සදහා පසුගියදා තවත් මානුෂික මෙහෙයුමක් දියත් කරන්නට රජය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.
ඒ අනුව කෙසේ හෝ ලංකාවට පැමිණිමට උත්සාහ කර, තානාපති කාර්යාලයේ නිර්දේශ පරිදි අපේ ජාතික ගුවන් සේවයේ එල්ලුනු, එල්ලිනි හෙවත් ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල්ගේ දියණි එල්ලිනි හූල්(Ellini Hoole) ද මෙරටට පැමිණ ඇත.
ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයෙන් මැයි මස 04වන දින පෙරවරු 9.30ට පමණ පිටත් වූ යූඑල් 530 දරණ ගුවන් යානය පසුදින අලුයම 4ට පමණ කටුනායකට ළගා වී ඇත. ඉන් පසු ඇය, මුදල් ගෙවා නතරවියහැකි සුපිරි හෝටලයක් වූ ජෙට්වින් බ්ලූ හෝටලයේ නිරෝධායනයට ලක් වෙමින් සිටී.
එල්ලිනි හූල් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇත්තේ තමා පැමිණි ගුවන් යානය සාඩින් පැක් කළ වර්ගයේ එකක් බවත් කටුනායකදී තමාට දුම් ගැසූ බවත් ය. තවද Netflix භාවිතා කරමින් චිත්‍රපට නැරඹීමට ප්‍රමාණවත් තරම් වයිෆයි නොමැති බව පවසමින් හෝටල් කළමණාකාරීත්වයට ද නිරෝධායන කාර්යයන්ට ද බාධා කරමින් හැසිරී ඇත්තේ ඉතා කණගාටුදායක අයුරිනි.
බ්‍රිතාන්‍යයේ අතරමංවී සිටි ඇමරිකානු පුරවැසියන් ලංකාවට ගෙන ඒමට පෙර දෙපාරක් සිතා බැලිය යුතු බවත්, එය ඇමරිකානු පුරවැසියකුට ලංකාවේ මැතිවරණ කොමිසමේ කොමසාරිස් ධුරයක් ලබා දීමට පමණක් දෙවැනිවන වරදක් බවත් නිරෝදායන කටයුතුවල යෙදී සිටින ජ්‍යේෂ්ඨ නිළධාරියෙක් ලීඩ් නිවුස් වෙත පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...