දේශීය පුවත්

අද(06) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.

මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළේය.

කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 හි ඇඳිරි නීතිය අදත් අලුයම 5ට ලිහිල් කෙරුණි.

මෙම දිස්ත්‍රික්ක 21 සඳහා අද රාත්‍රී 8ට යළි ඇඳිරි නීතිය පැනවීමත් සමග එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මැයි මස 11 වනදා සඳුදා සිට ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ ආයතන විවෘත කිරීම සඳහා ඉඩ දීමට රජය තීරණය කර තිබේ.

අද උදෑසන 6 සිට දහවල් 12 දක්වා ගතවූ පැය 6 ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් පුද්ගලයින් 133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 64 ක් එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් රථවාහන මඟින් මාර්ගයේ ගමන්ගත් පුද්ගලයින්  කළුතර දොඩම්ගොඩ පොලිස් මාර්ග බාධකයේදී අද පරික්ෂාවට ලක්කෙරුණි.

එහිදී බලපත්‍ර නොමැතිව ගමන් පිරිස් 100 දෙනෙකු පමණ හා ඔවුන්ගේ වාහන දොඩම්ගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ආ අතර පසුව ඔවුන්ට අවවාද කර මුදාහැරුණි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය මර්දනය සඳහා මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම පෙන්වාදෙමින් ඇල්පිටිය ඇල්ල එකමුතු කලාකවය විසින් සාම්ප්‍රදායික කලා අංගයක් වන ගරා යක් වෙස් ගැන්වූ ශිල්පීන් මාර්ගයෙන් ජනතාවට අවවාද ලබාදුන්නේය.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ගිනිගත්හේන ප්‍රදේශයේ හෝටලයක සූදු ක්‍රීඩාවේ නිරතවීම හේතුවෙන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක සසංක සම්පත් සංජීව මහතා සහ ඔහුගේ ආධාරකරුවන් 07 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට හැටන් මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.

සැකකරුවන් සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන් අතර එමගින් ඔවුන්ට වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වීම නිසා යළි නිරෝධායනයකට යොමු කිරීම අවශ්‍ය නොවන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ශ්‍රී පාදස්ථානයට ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති මුනිදාස ගමගේ මහතා ඇතුළු පස්දෙනෙකු පසුගියදා මස්කෙළිය පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් ඇප මත මුදාහැරි එම සැකකරුවන් අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර සියලු දෙනාම වරද පිළිගත් නිසා එක් අයෙකුට රුපියල් 1600 බැගින් වූ දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

මේ අතර පිටකොටුව මැනිං වෙළෙඳපොළ හෙට සිට දින 04ක කාලයක් වසා තැබෙන අතර මැයි 11 වනදා යළි විවෘත කරන බව වෙළෙඳ සමිතියේ නියෝජිතයින් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More