දේශීය පුවත්

ලංකා ලීඩ්වෙත ලිපියක් යොමු කරන දිවයිනේ ප්‍රධානතම සහල් පිටි කර්මාන්ශාලාවේ හිමිකරු වන අරුණ කාන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ නිලධාරීන්ගේ මොළ විකෘතිය නිසා සහල් සඳහා පනවා ඇති පාලන මිල මඟින් වෙළඳපළ ඇතිවන මිල විකෘතිය හේතුකොට ගෙන රු. 50 ට වී මිලදීගත කුඩා හා මධ්‍යම පරිමාන මෝල් පද්ධතිය වැසීයන බවය.

ඊට අමතරව ලබන කන්නයේ වි මිල රු. 50 සිට රු.40 දක්වා පහත වැටීමෙන් තොරව එම විකෘති පාලන මිලට සහල් ලබාදිය නොහැකි නිසා වී ගොවියාද වී ගොවිතැන අත්හැරීමට පෙළඹෙනු ඇති බවද ඔහු කියයි.

මේ විකෘති පාලන මිල ක්‍රමය දේශීය සහල් කර්මාන්තය පමණක් නොව ආණ්ඩුවද වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව ඔහු කියයි.

එම ලිපිය පහතින් –

ගොවියන් හෝ සහල් මෝල් හිමියන්  පාඩු ලබන විකෘති පාලන මිලක්.

මෙයට කන්න කීපයකට පෙර හදිසියේම එක් කන්නයකදී වෙළඳ පොලේ මධ්‍යම පංතියේ පමණක් වැඩිපුර විකිනෙන කීරි සම්බා වී සදහා අසාමාන්‍ය වී මිලක්  ගොවීන්ට ලබාදීමට මහා පරිමාණ මෝල් හිමියන් කීප දෙනෙකු ඉදිරිපත් විය .ප්‍රතිඵලය බලාපොරොත්තු වූ අයුරින්ම ඊ ලග කන්නවලදී කීරි සම්බා අධි නිෂ්පාදනයක් සිදු වී මිල පහත වැටිණි. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය නාඩු වී මිලටද අඩුවෙන් විකිණීමට ගොවීන්ට සිදුවිය.පොළොන්නරුවේ එක් සහල් මෝල් හිමියකු තමන්ගේ ගබඩාවල මුළු රටටම කන්නට වී ඇති බවත් එහෙත් ඒවා කීරි සම්බා බවත් ප්‍රකාශ කරන අයුරු මුළු රටම බලා සිටියහ.එය  සහල් නිෂ්පාදන වෙළද පොලේ නොතිබිය යුතු විකෘතියකි. කෘෂිකර්ම සහ වෙළදාම පිලිබදව මහජන මුදලින් නඩත්තු වන රජයේ සියලු බලධාරීන් මෙම විකෘතිය මැද නින්දේ පසුවුහ. නාඩු සහල් මිල කෘතීම හිගයකින්  අසාමාන්‍ය ලෙස ඉහල ගියේය .එලෙසම සැපයුම අඩුවිය.

පසු ගිය දෙසැම්බරයේදී එම තත්වය ඇතිකරවුයේ යහපාලන ආණ්ඩුව වර්ෂයේ මුල සිටම සහල් පාලන මිල ක්‍රියාත්මක නොකළ තත්වය යටතේය .එලෙසම එම පාලන මිලේ පුදුම සහගත ලෙස කැකුළු සහල් සදහා පාලන මිලක් නොවීය.දෙසැම්බර් මාසයේදී වී ගොවීන්ගේ සහ සහල් කර්මාන්තකරුවන්ගේ ප්‍රමුඛ දායකත්වයෙන් බලයට පත් ආණ්ඩුවේ ලොක්කන් පළමුව මහා පරිමාණ මෝල් හිමියන් හමුවී  වහාම සහල් පාලන මිලක් නියම කරනු ලැබීය.එය රු 98 සිට ආරම්භ වූ අතර 2019 මාර්තු 6 වන දින දිවයින පුරා එකවර උද්ඝෝෂණය  කර ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය ගොවීන් විසින් දිනාගත් රු 50 වී සහතික මිලට අනුව යහපාලන ආණ්ඩුවේ සහල් පාලන මිලට වඩා එය නිවැරදි විය.එහෙත් පුදුම සහගත ලෙස සිංහල අවුරුදු සමය සමග පැමිණෙන මහා කන්නයේ වුවද යහ පාලන ආණ්ඩුව මෙන් දේශප්‍රේමී ආණ්ඩුවේද  සහල් පාලන මිලේ කැකුළු සහල් සදහා පාලන මිලක් නොවීය .

ඊ ලගට පැමිණියේ කොරෝනා වාරයයි .බලධාරීන් ක්‍රියාත්මක නොකළ පාලන මිල උපයොගී කරගනිමින් ලොරි වලින් ගිනි ගණන් වලින් සහල් විකුණන්නට විය.පාලන මිලක් නොවූ බැවින් මිල අඩු කැකුළු සහල් මිලද ඇතැම් විට රු 115ක් විය .පාරිභෝගික අධිකාරිය රුපවාහිනියේ පමණක් රගපාන්නට විය. නිවැරදි කල යුතුව තිබුනේ එකම වරදකි .එනම කැකුළු සහල් සදහා පාලන මිලක් පැනවීම සහ පාලන මිල දැඩිව ක්‍රියාත්මක කිරීමයි.එය සිදු නොකොට ආණ්ඩුවේ ලොක්කන් යලිත් මහා පරිමාණ මෝල් හිමියන් හමුවී කිසිවෙකුත් ඉල්ලුවේ නැති අමුතු පාලන මිලක් පනවන ලදී . එනම් පාලන මිල කැකුළු සහල් මිල සදහා රු 85 සිට පටන් ගැනීමයි.

පසු අස්වනු තාක්ෂණික ආයතනයේ ප්‍රකාශිත මිල සුත්‍රය අනුව වී මිල රු 50ක් වන්නේ නම් අවම නිෂ්පාදන පිරිවැයක් වැයවෙන කැකුළු සහල් කිලෝවක නිෂ්පාදන වියදම පමණක් රු 91කි .තොග සහ සිල්ලර කඩහිමියාගේ වටටමද එකතු කල විට විකුණුම් මිල රු 95ක් වත් විය යුතුය .නාඩු සහල් මිල එයට වැඩි විය යුතුය.රු 85 ට සහල් ලබා දීමට නම් රජයට බරක් නොවී ටොන් ලක්ෂ 33කට වැඩි ඉතිහාසයේ ලොකුම වී අස්වැන්නෙන් 75% කට වඩා ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට බරක් නොවී වී ගොවීන්ට ජීවය දෙමින් මිලදී ගත් මාධ්‍ය පරිමාණ මෝල් හිමියා පාඩු ලැබිය යුතුමය .එසේ නොවන්නේ නම් ඉදිරියේදී ගොවියා විසින් සටන් කර දිනාගත් රු 50 වී මිල 40 දක්වා පහත දමා වී ගොවිතැන අත්හැරිය  යුතුය.  මේ තත්වයේදී ගොවියා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියා පාඩු ලබද්දී අඩුමිලට කීරි සමබා ගොඩගැසූ මහා පරිමාණ මෝල් හිමියා කැකුළු සහ නාඩු හාල් වලින් වන පාඩුව කීරි සම්බා රු 120 ට විකුණා  .පියවා ගනිමින් ඉදිරියට පවත්වා ගනු ඇත .ඒ අතරතුර සහල් මෝල් යාන්ත්‍රනය බිද වැටී ඊ ලග කන්නයේදී වී මිලදී ගැනීමේ අර්බුදයක් පැනනගිනු ඇත .වී අලෙවි  මණ්ඩලය වෙත පෝලිම් ගැසී වී ලොරි එනු ඇත.පාන් පිටි අලෙවිය ඉහල ඇත.

සහල් පාලන මිල කැකුළු රු 95,නාඩු රු 100, සම්බා රු 105,කීරි සමබා රු 110 ලෙස පනවා නිවැරදි කිරීමේදී එක පුද්ගයෙකුගේ දිනක වියදම රු 2කින් පමණක් වෙනස් වනු ඇත .විකෘතිය ඇතිවීම ඉදිරියේදී නැවත්වීම සදහා කීරි සමබා සදහා රු 110ක පාලන මිලක් පැනවිය යුතුමය.මේ රටේ ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරියක් නොව පාන් පිටි ඒකාධිකාරියකි .වී ගොවිතැන් කරන රටවල පුද්ගලයෙකු වසරකට කිලෝ ග්‍රෑම් 10-20 අතර ප්‍රමාණයක් කනවිට අපේ එකෙක් 60 ක් අනුභව කරයි.පාන් පිටි ආනයනය සීමාකර මහා පරිමාණ මෝල් හිමියා සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියා තව දුරටත් ශක්තිමත් කලහොත් වී ගොවියා දිගටම ශක්තිමත් වනු ඇත .එසේ නොවී විකෘති  මිල යාන්ත්‍රණයක් පාන් පිටි කාරයාගේ හෝ මහා මෝල් කාරයාගේ බලපෑමෙන් ක්‍රියාත්මක වන තාක්කල් දිගින් දිගට වෙළඳ පොලේ පාඩුව සහ විකෘතිය මධ්‍ය පරිමාණ මෝල් මියගේ සහ වී ගොවියාගේ හිස මතටම පතිත වනු ඇත.

අරුණ කාන්ත බණ්ඩාර


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More