දේශීය පුවත්

කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද(06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය වෙසක් දින ස්මරුමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රාජ්‍ය වෙසක් උළෙල අරලියගහ මන්දිර පරිශ්‍රෙය්දී අද පැවැත්වුණේ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් ඇතළු මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

වෙසක් දින රාජ්‍ය මහෝත්සවයට සමගාමීව නව මුද්දර 4ක් සහ මුල් දින කවර දෙකක් එළිදැක්වීම එහිදී සිදුකෙරුණි.

ඉන් පළමු මුද්දරය මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හිමිපාණන් වෙත මෙලෙස පිරිණැමුණි.

මුද්දර 4 සහ මුල්දින කවර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිණැමුණේ ඉන් අනතුරුවයි.

මෙවර වෙසක් දින රාජ්‍ය මහෝත්සවය පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කළ ඔලබොඩුව රාජමහාවිහාරය වෙනුවෙන් පූජා භූමි සන්නස්පත්‍රය ඉන් අනතුරුව පිරිණැමුණි.

මෙහිදී අදහස් දැක්වු මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පවසා සිටියේ වෙසක් පොහෝය දා සියලු දෙනා නිරෝගි සුවය ප්‍රාර්ථනා කළ යුතු බවයි.

මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ ගිය වතාවෙත් වෙසක් සැමරීමට නොහැකි වු බෞද්ධ ජනතාව මෙවර වෙසක් සැමරීමට මහත් උනන්දුවෙන් සිටි බව තමා දන්නා බවයි.

එම බලාපොරොත්තුව ඉටු නොවීම පිළිබඳව උපේක්ෂා සහගතව බැලිය යුතු බවද පැවසු අගමැතිවරයා, ලෝක ස්වභාවය තේරුම් ගැනීමට කොවිඩ් 19 වසංගතය පිටුවහලක් කර ගත යුතු බවද පැවසීය.

ලෝකයේ මොන තරම් බලවතුන් වුවත් මෙම තත්ත්වය මත අසරණ වී ඇති බවත්, ලෝකය වෙනස් කරන්න සුදානමින් සිටි සියලු දෙනා ලෝක ස්වභාවය ඉදිරියේ අසරණ වී ඇතැයි ද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

මෙම ධර්මතාවය ලෝකයාට තේරුම් කර දීම වෙසක් සමයේ කළ හැකි සුදුසුම දෙය වන බවත් අගමැතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More