දේශීය පුවත්

ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ.

කොරෝනා මැඩලීම සඳහා දේශීය වෛද්‍යවරුන් විසින් ඉදිරිපත් කරන ප්‍රතිකාර ක්‍රම සෞඛ්‍ය පද්ධතිය තුල යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරිම සඳහා එම සාකච්ඡාව පැවැත්වූ අතර එහිදී අමාත්‍යවරිය දේශීය වෛද්‍යවරුන්ගේ අදහස් සහ දුක් ගැනවිලි වලට ඉතා හොඳින් සවන් දුන් බව ඊට සහභාගි වූ වෛද්‍යවරු පවසති.

එහෙත් සෞඛ්‍යය පද්ධතිය තුල දේශීය ප්‍රතිකාර ක්‍රම නිසි ලෙස ස්ථානගත කිරිම සඳහා නීති රීති වෙනස් කිරීමට ගියහොත් තමාට ඡන්දයට මුහුණදීමට නොහැකි වනු ඇතැයි කරුණු පැහැදිලි කිරීමක් සිදු කොට ඇති බවද වාර්තා වේ.

අමාත්‍යවරිය විසින් පත් කළ ආයුර්වේද වෛද්‍ය කමිටුවේ සිටින රාජිතගේ ගෝලයින් නිසා අමාත්‍යවරියට අවංක උවමනාවක් තිබුණත් දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ක්‍රම වලට වටිනාකමක් ලබාදීමට හැකියාවක් නැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

එම කමිටුව තුල සාම්ප්‍රදායානුකූල දේශීය වෛද්‍යවරුන්ගේ මතයට ඉඩක් නැති බවත් ඔවුන් ඉන්දියාවේ නිර්දේශිත ලේඛන අනුව ඉදිරිපත් කොට ඇති ප්‍රතිකාර පද්ධතිය තුල දේශීය වෛද්‍ය ක්‍රමය නොසලකා හැර ඇති බව කියවේ.

සබැඳි පෙර පුවත් – 

රාජිතගේ ගෝලයින් කොරෝනා ප්‍රතිකාර පිළිබඳ දේශීය වෛද්‍ය විද්වත් සමුළුව කඩාකප්පල් කරයි



One thought on “හෙළ වෙදකමට තැන දෙන්න ගිහින් මට ඡන්ද පරදින්න බැහැ – සෞඛ්‍ය ඇමතිනි”

  1. රාජිතගේ ගෝලයින් ඉන්නවා, වැඩ කරන්න දෙන්නේ නෑ කිය කියා ඉන්නේ ඇති. ගෝටාබය ජනාධිපතිතුමාට කියන්න. කඩාකප්පල්කාරයන් මාරු කරලා දාන්න. නැති නම් කමිටු අලුතින් පත් කරන්න.

Leave a Reply to රටවැසියා Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More