සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කිරීම සඳහා කොරෝනා වෛරස රෝගීන්ට අදාළව සම්මත දේශීය වෛද්‍ය ප්‍රතිකාර පද්ධතියක් පිළිබඳ පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම මුල්කර ගෙන පවත්වන්නට යෙදුණු දේශීය වෛද්‍ය විද්වත් සමුළුව කඩාකප්පල් කිරීමට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝග බාලයින් පිරිසක් අද දින කට යුතු කළ බව වාර්තා වේ.
දිවයින පුරා විසිරී සිටින කොරෝනා වෛරස රෝගීන්ට ප්‍රතිකාර ක්‍රම ඉදිරිපත් කළ දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරුන් 30 කට අධික පිරිසක් කැඳවා මහරගම නාවින්න දේශීය වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී පැවැත්වීමට නියමිතව තිබූ එම විද්වත් සැසියට අදාළ ශාලාව භාවිත කිරීමට අවසර නොදීම මඟින් එම කඩාකප්පල්කාරී ක්‍රියාවට ප්‍රධාන වශයෙන් දායක වූයේ විජිතා සෙනෙවිරත්න නම් වූ නිලධාරිනියක් බව වාර්තා වේ.
අවසානයේදී එම විද්වත් සමුළුව බත්තරමුල්ල ප්‍රදේශයේ පන්සලක දී පැවැත්වූ බවද වාර්තා වේ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...