ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 70ක් සැමරීම නිමිත්තෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැත්වුණු නිදහස් කුසලාන විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ‘නිදහස් කුසලානය’ට හිමිකම් කියන්නට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර අවසන් මහා තරගයේ අවසන් පන්දුවාර කිහිපයේදී ඉන්දීය ක්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශය පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරන්නට රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිලට හැකිවිය.

එම විශිෂ්ට පිතිහරඹය නිසා තරගයේ වීරයා සම්මානයද කාර්තික්ට හිමි වූ අතර තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසා සිටියේ දිනේෂ් කාර්තික් යනු තරගයක තත්ත්වය කුමක් වුවත් ඒ ඕනෑම අවස්ථාවකට සූදානම් ක්‍රීඩකයකු බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහිත් ෂර්මා මෙසේ ද පැවැසීය ‘කාර්තික් සමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නෙ අංක 4 පිතිකරු ස්ථානයේ. ඒත් මේ තරගයේදී ඔහු ක්‍රීඩා කළේ අංක 6 පිතිකරු ස්ථානයටත් පසුව ස්ථානයක. ඔහු ඒ ගැන අසතුටින් සිටියෙ. මම දැවී ගියාට පස්සේ ක්‍රීඩාගාරයට ඇවිත් ඔහුට කිව්වා තරගය ජයග්‍රහණය කරන්න අවසාන මොහොතෙදි ඔබ ඉන්න ඕනා කියල. 13 වැනි පන්දුවාරයේ මගේ කඩුල්ල බිඳ වැටුණු අවස්ථාවේ කාර්තික් අංක 6 පිතිකරු විදියට ක්‍රීඩා කරන්න ආවෙ නැත්තෙ ඒ හේතුව නිසා’ යැයි පැවැසූ ෂර්මා තරගාවලියේ වීරයා වූ වොෂින්ටන් සුන්දර් පිළිබඳවද අදහස් ප්‍රකාශ කළේය.

‘තරගාවලිය පුරාම සුන්දර්ගේ පන්දු යැවීම ඉතාම විශිෂ්ට ආකාරයෙන් තිබුණා. ඔහු ශ්‍රී ලංකාවේදී පන්දු යවා තිබෙන පන්දුවාර 20න් 13ක්ම යවල තියෙන්නෙ පවර් ප්ලේ අවස්ථාවලදීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More