දේශීය පුවත්

කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ  පි.සි.ආර් පරික්ෂණයට ලක්කිරිම සඳහා සම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදි අද(06) සිදු කර තිබේ.

නමුත් මියගිය කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනා ගෙන නැහැ.

වෛරස ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ දි පුර්ණ සුවය ලබා පිටව ගිය අතර අද දිනයේ දී තවත් දෙදෙනෙක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු මුළු සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළ ගොස්  ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 547 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් යුද හමුදාපති , ලුතින්න් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, එම කාන්තාව ඇසුරු කළ පිරිස ඉතා ඉක්මනින් නිරෝධායනට යොමු කළත් ඇයට මෙම වෛරසය ආසාදනය වු ආකාරය පිළිබඳ ගැටළු සහගත බවයි.

ඒ නිසාවෙන් අද දිනය තුළත් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පැවසු යුද හමුදාපතිවරයා, එසේ අද දිනයේ සොයා ගැනීමට නොහැකි වුවහොත් සියලු දෙනාගේම PCR පරීක්ෂණ කළ යුතුව ඇතැයි ද පැවසීය.

කෙසේ හෝ අද දිනය තුළ ඒ පිළිබඳ කරුණු සොයා ගැනීමට හැකි වෙනු ඇතැයි විශ්වාස කරන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More