දේශීය පුවත්

” ඩෙසිකේටඩ් කොකනට් ” හෙවත් වියළි පොල් අපනයනය කරන ව්‍යාපාරකයින් සුළු පිරිසක් විසින් මේ වන විට රජය විසින් ඉහළ දමා ඇති ෆාම් තෙල් සඳහා පැනවූ ආනයදන බදු නැවත පහළ දැමීමට බල කරන බවක් ලංකා ලීඩ් වෙත වාර්තා විය.

අප ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ෆාම් තෙල් වල ආනයන බදු ඉහළ දැමිය යුතු වට හඬ නැගූ ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස්.

” ආනයන අධෛර්‍යමත් කරලා දේශීය නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා තිරිඟු පිටි කිරි පිටි සහ ෆාම් තෙල් වල ආනයන බදු ඉහළ දැමිය යුතු බව ජාතික සංවිධාන, ගොවි සංවිධාන සහ කර්මාන්තකරුවන් විසින් ඉල්ලා සිටින්නේ අවුරුදු 20-30 කාලයක සිට පසුගිය රජය කළේ ඊට ප්‍රතිවිරුද්ධ දේ. නව රජය යටතේ පොල් වගාව සහ කර්මාන්තය දියුණු කිරීම සඳහා ආනයනික ෆාම් තෙල් වලට බදු පැනීම ඉතා හොඳ දෙයක්. එවිට කෙටි කාලිනව පොල් මිල ඉහළ ගොස් අපනයන නිෂ්පාදන වල මිල ඉහළ යනවා. ඒත් පොල් මිල ඉහළ යාම සමඟ නිෂ්පාදනය වැඩි වෙනවා එතකොට වසර 2 කින් පමණ සමබරතාව ඇති වෙනවා. කෙටි කාලීන ප්‍රශ්ණ දිහා  බලලා දීර්ඝ කාලීන උපාය මාර්ගික තීන්දු ආපසු හැරවීම වරදක්. පොල් නිෂ්පාදන 37 ක් අපනයනය කරනවා. ඩෙයිකේටම් කොකනට් කියන්නේ එකක් පමණයි. ”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More