ක්‍රීඩා පුවත්

ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම්වලදී වමත් පිතිකරු රිෂාඩ් පාන්ට්ට පන්දු යවමින් සිටි රාගම ක්‍රීඩා සමාජයේ කවීන් ප්‍රනාන්දුගේ මුහුණට රිෂාඩ් පාන්ට් එල්ල කළ පහරක් වැදීම නිසා බරපතළ තුවා ලැබූ කවීන්ට ඉදිරි ප්‍රතිකාර ස½ඳහා අවශ්‍ය ඕනෑම උදව්වක් කිරීමට තමන් කැමැති බව නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය දැරූ රෝහිත් ෂර්මා පවසා තිබේ.

පසුගිය මාර්තු 5 වැනිදා ඇතිවූ මෙම සිදුවීමේ සියලු විස්තර පසුගිය සිකුරාදා මව්බිම පත්‍රයේ පළ වූ අතර, ඉන් අනතුරුව මාර්තු 16වැනිදා තෙක් නවලෝක රෝහලේ ප්‍රතිකාර ලැබ රෝහලෙන් පිටව ගිය කවීන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නා වූ ගයාන් මංජුලගේ මාර්ගයෙන් ඉන්දීය නායකයාගෙන් විශේෂ ආරාධනාවක් ලැබිණි. එම ආරාධනයෙන් දැක්වුණේ රෝහිත් ෂර්මා නතර වී සිටින හෝටලයට පැමිණෙන ලෙසයි.

ඒ අනුව කවීන් ප්‍රනාන්දු ඔහුගේ මව මල්කාන්ති ප්‍රනාන්දු හා සහෝදරයා වන චතුක ප්‍රනාන්දු සමඟ රෝහිත් ෂර්මා නැවතී සිටි හෝටලය වෙත ගිය විටදී මහත් ගෞරවයෙන් පිළිගත් ෂර්මා ඔහුව (කවීන්) සිය කාමරය වෙත රැගෙන ගොස් ඇත. කවීන්ගෙන් සුවදුක් විමසා ඇති ඉන්දීය නායකයා මින් ඉදිරියට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක ඕනෑම උදව්වක් කිරීමට තමා සූදානම් බව පවසමින් මව සහ සහෝදරයාගෙන්ද සමාව ඉල්ලා ඇත.
මේ අවස්ථාවේ පැමිණි රිෂාඩ් පාන්ට් අනතුරට පත්වූ කවීන් ළඟ වාඩි වී තමාගෙන් සිදුවූ වරදට සමාව දෙන ලෙස ඉල්ලා ඇත්තේ කඳුළු පිරි දෙනෙතිනි. කෙසේ වුවත් ඉන්දීය කණ්ඩායමේ සුරේෂ් රයිනා, දිනේෂ් කාර්තික් හා ජදේව් උනඩ්කට්ද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

මේ අතර පසුගිය ඉරිදා පැවැති අවසන් තරගයට පැමිණෙන ලෙස ඉල්ලමින් අති විශේෂ අවසර පත්‍ර තුනක් මෙන්ම ටී-ෂර්ට් එකක් හා කැප් එකක්ද ඉන්දීය නායකයා විසින් කවීන්ට ලබා දී ඇති බවද පැවැසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More