ඉදිරි මහමැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම යෝජනාවලිය සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ සකස් කෙරෙන බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ සහ ඡන්ද දායකයින්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් මෙහෙිදී වැඩි අවදානමක් යොමු කරන බවද එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය.
මහ මැතිවරණය ලබන ජූනි 20 වන දා පැවැත්වීමටයි කොමිසම සැලසුම් කර ඇත්තේ.
මේ අතර මහා මැතිවරණය පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝලදේශ අවසන් වාර්තාව (Guidelines) මැතිවරණ කොමිෂන් සභාව වෙත සෞඛ්‍ය අංශ විසින් තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැති බව අවධාරණය කර තිබේ.
ඒ අනුව සූදානම් විය යුතු මූලික අංශ පිළිබඳ අතුරු වාර්තාව පමණක් (Draft) ඉදිරිපත් කර ඇත.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...