දේශීය පුවත්

විෂබීජ නාශක කුටීර කොවිඩ්- 19 වසංගතය පාලනය සඳහා යොදා ගත හැකි ප්‍රභල උපක්‍රමයක් ලෙස විවිධ විද්වතුන් විසින් කරනු ලැබූ ප්‍රකාශ සහ ඒ මත ගනු ලැබූ ක්‍රියා මාර්ග දැන් අභියෝගයට ලක් වෙමින් ඇත.

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින්ගේ විද්‍යාලයද ඒ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වා ඇත. එසේ විවිධ රසායන ද්‍රව්‍යය පාලනයකින් තොරව පරිසරයට මුදාහැරීම මඟින් මහජන සෞඛ්‍ය ප්‍රශ්ණයක් ඇතිවන බවටද ඔවුන් විසින් අනතුරු අඟවා ඇත. ඒ අතර රසායන විද්‍යා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියල් ආරියනන්ද මහතා දැඩි අභියෝගාත්මක ලිපියක් ලංකා ලීඩ් වෙත එවා ඇත.

එම ලිපිය පහතින් –

 

Disinfectant Chambers ඵලදායී බව පුන පුනා ප්‍රකාශ කරන බලධාරීන්ට, රසායනඥයින්ට සහ විද්‍යා පර්යේෂකයින්ට අභියෝගයක් කිරීමට සිදුව තිබේ.

Disinfectant Chambers සෑම දෙනාම සෑම තැනකම දැන් කිසිදු ප්‍රමිතියකින් හෝ පාලනයකින් තොරව සවි කරමින් පවතින අතර, ඒ සඳහා භාවිත වන දියරවලද සෞඛ්‍යාරක්‍ෂිත බව, විශබීජනාශන හැකියාව හෝ නැවත විශබීජ වර්ධනය වන අවස්ථාව සහ ප්‍රමාණය ගැන කිසිදු පිරිවිතරයක් සැකසී නොමැත
අපේ රටේ විවිධාකාර ප්‍රමිතිකරණ ආයතන සහ පර්ය්ෂකයින් සිටියද, මෙවැන්නක සුදුසු ප්‍රමිතිය සකස් නොකර, බොහෝ දෙනා මෙම කුටීර පචලිත කරනු පෙනේ. රටේ නමගිය මහාචාර්යවරු, විවිධ විද්‍යා පර්යේෂණාගාරවල ප්‍රධානීන් පවා මෙම රැල්ලට හසු වී ඇති බවක් පෙනේ.
ඒ නිසා මේ සියළුම දෙනාට විවෘත අභියෝගයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

🔴අපේ රටේ සැකසෙන ජීවානුහරණ කුටීරවලට නියමිත ප්‍රමිතියක් සකසන්න. එහිදී අවශ්‍ය ස්ප්‍රේ නොසල් ප්‍රමාණය, එහි පීඩනය, ජීවානුහරණ දියරය කුටීරය තුළ රැඳී පවතින කාළය, සිරුරට ඉසින ප්‍රමාණය, වාශ්පය කුටීරයෙන් ඉවත් කිරීමට ගතවන කාළය, ඉවත්වන වාශ්පය පරිසරයට මුදාහැරීමට පෙර සිදුකරන ජීවානුහරණ ක්‍රියාමාර්ග, එසේ ඉවත්වන වාෂ්පයේ අඩංගුවිය හැකි උපරිම ක්‍ෂුද්‍රජීවීන් ප්‍රමාණය, ඉසිනු ලබන දියරයේ සෞඛ්‍යාරක්‍ෂිත බව, රසායනික ආචරණ, ආදී පිරිවිතරයන් සඳහා පර්යේෂණ කර, ඒවා ප්‍රසිද්ධ කිරීම සහ අදාල වූ අධිකාරියකට ඒවා සහතික කිරීමේ බලය ලබා දීම හරහා එක්කෝ මේවා ප්‍රචලිත කිරීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම කළ හැකිය.

⚛️මද්‍යසාර
⚛️චාතුර්ථයික ඇමෝනියම් ලවණ ද්‍රාවණ
⚛️බ්ලීච් සහ ක්ලෝරීන් ද්‍රාවණ
⚛️හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
⚛️ඕසෝන් වායුව සහ ජලීය ද්‍රාවණ
⚛️UV light – පාරජම්බුල කිරණ කුටීර
මේ කුටීර සඳහා ප්‍රචලිතව භාවිත කරන ද්‍රාවණ වන අතර මේවායේ කාර්යක්‍ෂමතාවය, මිනිසුනට ඇති ආරක්‍ෂාව සහ අතුරු ආබාධ සහ ඵලදායීතාවය පිළිබඳ කිසිදු පරීක්‍ෂණයක් ලංකාව තුළ සිදු වී නොමැත.

ℹ️පිටරටවල පළවූ පර්යේෂණ පත්‍රිකා දස දහස් ගණන් ගෙනහැර පෑවද, ඒවා COVID 19 සඳහා ම සුව්ශේෂී නොවේ. එසේම එවැනි විස්තර හෝ පිරිවිතරයන් තවමත් කිසිවකු සාරාංශගත කර නොමැත… මා දන්නා තරමට (එසේ කර ඇතිනම් මෙහි සඳහන් කරන්න)

දැනට ITI, SLINTEC, Bureau Veritas, SLSI යන ආයතන මේ සඳහා සුදුසුකම් ඇති අතර, NMRA SLSI හරහා සහතිකය ලබා දිය හැකිය.

☣️ රටපුරා වූ පර්යේෂණ ආයතන වල මේ සඳහා පහසුකම් ඇති අතර, කොරෝනා රෝගීන්ගෙන් ලබා ගන්නා සාම්පලවල වූ වෛරස මගින් සැබෑවටම පර්යේෂණය සිදු කළ හැකිය.

1️⃣ ජීවානුහරණ දියර වර්ග සියල්ලම රැගෙන, කොරෝනා වෛරස වලට නිරාවරණය කර ඒවායේ ඵලදායීතාවය මැනීම
2️⃣ එසේ විනාශවන දියර භාවිත කර, නැවත කොරෝනා වෛරසය එම පෘෂ්ඨ මතට පතිත වූ විට ක්‍රියාකාරී මට්ටමට පත්වීමට ගතවන කාළය සහ ක්‍රියාකාරී වන ප්‍රමාණය මැනීම
3️⃣ එසේ කාරයක්‍ෂමව සිදු වන දියරයන් ප්‍රසිද්ධියට පත් කිරීම
4️⃣ ඒවා නිසි ලෙස නියාමනය සහ ප්‍රමිතිගත කිරීම
5️⃣ අදාල කර්මාන්තශාලා සහ ආයතන වෙතට මහාපරිමාණ නිෂ්පාදනයට අවසර ලබා දීම
6️⃣ නිසි ලෙස පසු විපරම් කර, අදාල ප්‍රමිතියට සකසන්නේදැයි පරීක්‍ෂාව
සහ තවත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙන්, මේ සඳහා ඇති කකුස පහ කළ හැකිය.

ජීවානුහරණ කුටීර මහා ව්‍යාපාරයක් බවට පත්වෙමින් පවතින අතර එයින් බොහෝ දෙනාට ලැබෙන ප්‍රතිලාභ අපමණය.

පෞද්ගලිකව මට ද විවිධාකාර ද්‍රාවණ සහ ජීවානුහරණ කුටීර Endorse කර දෙන මෙන් විවිධ ත්‍යාග සමග ආරාධනා ලැබුණද, මම ඒවා ප්‍රතික්‍ෂේප කළේ එය මගේ ප්‍රතිපත්තිය නොවන බැවිනි..

☢️ මේ සම්බන්ධයෙන් කටයුතු කරන බලධාරීන් බොහෝ දෙනෙකු ශිෂ්ණය දෙපරන්ද අස්සේ ගසා ගෙන වෘෂණ කෝෂ වලින් රමණය කිරීමට යාමෙන්, බොහෝ අනතුරු සිදුවිය හැකි බවට පුරෝකථනය කළ හැකිය..

කළයුත් එකම දේ සහ හරි දේ කරන්න… සම්පත් අපමණ අප සතුව ඇත.. කළමණාකරණය නිසි ප්‍රතිඵල ගෙන දෙනු ඇත.

🔷 මේ අභියෝගය ඔබටයි…. පර්යේෂණය මෙහෙයවීමට කෙනෙකු නැතිනම්, මම ස්වේච්ඡාවෙන් එම කටයුත්ත කිරීමට කිසිදු කොන්දේසියකින් තොරව එකඟ වන බව ද පැවසීමට කැමැත්තෙමි.
senior lecturer, Collage of Chemical Sciences


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More