විදේශ පුවත්

කොරෝනා වෛරසය  සංචාරක ව්‍යාපාර කෙරෙහි බලපාන ආකාරය පිළිබඳව මේ වනවිට විවිධ අදහස් පළ වෙමින් පවතී.

ලොව බොහෝ ගුවන්තොටුපලවල් දැනටමත් මගීන්ට නව නීතිරීති හඳුන්වා දී තිබේ. ඒ අතර එකිනෙකා වෙන් කරන ලද කුටීර වලින් සමන්විත විවේකාගාර, රුධිර පරීක්ෂණ, විසබීජ නාශනය කරන සනීපාරක්ෂක උපකරණ යොදා ගැනීම දැනටමත් සිදුවෙමින් පවතී.

හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසබීජ නාශනය සඳහා මේ වනවිටත් නව උපකරණයක් අත්හදා බලමින් සිටියි. එමගින් තත්පර හතළිහක් තුළ සම්පූර්ණ විෂබීජ නාශකයක් සිදුවන බව කියැවේ. ප්‍රධාන ගුවන් තොටුපලවල් කිහිපයක්ම මගීන්ගේ උෂ්ණත්වය මැන බැලීමේ ක්‍රමයක් හඳුන්වාදෙන බව ප්‍රකාශ කොට ඇත. මෙම ක්‍රමය මගින් රෝග වාහකයන් හඳුනා ගැනීමේ දුෂ්කරතාවය නිසා එහි ප්‍රතිඵලදායී බව පිළිබඳව ගැටලු ඇති බව කියැවේ.

එමිරේට්ස් ගුවන් සමාගම ඉදිරි පියවරක් තබා ඇති අතර, ඔවුන් තම ගුවන් පර්යන්තයේ දී, මගීන්ට COVID19 සඳහා වේගවත් රුධිර පරීක්ෂණයක් (express test) හඳුන්වා දී තිබේ.

මීට අමතරව ගුවන් යානා තුළ මගී ආසන අතර පරතරයක් තබාගැනීමේ ක්‍රියාමාර්ග යෝජනා වී ඇත. ගුවන් සමාගම් පවසන පරිදි එසේ වුවහොත් වන් ප්‍රවේශ පත්‍ර වල මිල ඉතා ඉහල අගයක් ගනු ඇත.

යුරෝපීය රටවල් මේ වන විට සංචාරක ව්‍යාපාරය සඳහා විකල්ප සොයමින් සිටී. ඒ අනුව සංචාරක හෝටල් හා නිවාඩු නිකේතන ජනාකීර්ණ නොවන ලෙස පවත්වා ගැනීමටත්, බුෆේ, තටාක හා වෙරළ තීරයන් සීමා කිරීමටත් කටයුතු කරනු ඇත.

කෙසේ නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් මිනිසුන්ගේ සංචාරය කිරීමට ඇති කැමැත්ත වෙනස් වනු ඇති බවට මත පළවේ. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) සිදුකරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ කොරෝනා පාලනයෙන් පසු තවත් මාස 2 ක් ගතවෙන තුරු 60% පිරිසක් ගුවන් සංචාරවල නොයෙදෙන බවයි. ඉතිරි 40% මතය වී ඇත්තේ අවම වශයෙන් මාස 6 කාලයක් ගුවන් ගමන් නොකළ යුතු බවයි.

විදෙස් වාර්තා වලට අනුව බෝයිං සමාගම කොරෝනා වෛරසය හේතුවෙන් සිය කාර්ය මණ්ඩලය 10% කින් අඩු කර ඇත. 2023 වසර වන තෙක් ගුවන් ගමන් යථා තත්වයට පත් නොවනු ඇති බව ඔවුන්ගේ මතයයි. බ්‍රිතාන්‍ය ගුවන් සේවය ඇතුළු තවත් ගුවන් සමාගම් කිහිපයක්ම මෙයට සමාන අදහස් පළකර ඇත.

මූලාශ්‍ර
news.mail.ru



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More