කොළඹ, කළුතර ,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුල් විමසුමකට ලක්කර ඇත. පළාත් ආණ්ඩුකාර සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (05 වැනිදා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම විමසුම සිදුකර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. එසේම ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත. පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇති අතර කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේදී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව පෙන්වාදී තිබේ.
ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාළ නොවන ආකාරයෙන් සිදුවිය යුතු බව එහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළ හැකි බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...