පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේදී දෙමාපියන් අහිමි දරුවන්ට අවි ආයුධ පුහුණුව ලබාදී මිනිස් බෝම්බකරුවන් ලෙස සමාජගත කරන්නට සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.
සහරාන්ගේ සොහොයුරා වන සයින්දමරුදුවලදී මරාගෙන මැරුණු රිල්වාන් විසින් මොවුන් සිටි මද්‍රසා පාසලට පැමිණ ගිනි අවි හා අත්බෝම්බ පරිහරණය හා ගලවන ආකාරය උගන්වමින් තම ආගම හැර අනිත් ආගම් විනාශ කරන්නට තමන්ට ඉගැන්වූ බව මද්‍රසා පාසලේ සිටි දරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත.
දෙමාපියන් අහිමි දරුවන් විසිහතරදෙනකු කොළඹින් රැගෙන ගොස් මද්‍රසා පාසල්වලට යොමු කළ පුද්ගලයෙක් රහස් පොලිසිය මෙම සතියේ කල්පිටියේදී අත්අඩංඩගුවට ගත්තේය.
ඔහුගෙන් ලද තොරතුරු මත මෙහි පුහුණුව ලද ළමුන් විසිතරෙන් දොළොස්දෙනකුගේ ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම දරුවන් වයස අවුරුදු 12ත් 15ත් අය වෙති.
මොවුන්ට වනාතවිල්ලුවේ කච්චතිව් දූපත් පාරේ අක්කර හයක ඉඩමක පුහුණුව දී ඇති අතර මදුරන්කුලියේ මද්‍රසා පාසලක ‘සේව්ද පර්ල්’ නමැති සංවිධානය මගින් නවාතැන් දී ඇත.
මෙම රාජ්‍ය නොවන සංවිධානයේ සභාපති ධුරය දැනට අත්අඩංගුවේ පසුවන නීතිඥවරයා විසින් දරා ඇති බවත් පාස්කු ප්‍රහාරයදා මරාගෙන මැරුණු දෙමටගොඩ ඉබ්‍රාහිම් සහෝදරයන් දෙදෙනා එහි භාණ්ඩාගාරික, ලේකම් ධුරයන් දරා ඇති බවත් හෙළි වී ඇත.
සේව්ද පර්ල් සංවිධානය ඇතුළු මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශනද පොලිස්පති අණින් ඊයේ (05 වැනිදා) සිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...