අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව භාරදුනහොත් ළඟම දිනයක් ලබාදී එය විවාදයට ගෙන සම්පූර්ණයෙන්ම පරාජයට පත්කිරීමට එජාපය ප්‍රමුඛ එජා පෙරමුණේ මන්ත්‍රී කණ්‌ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
එම ආණ්‌ඩු පක්‌ෂ මන්ත්‍රී කණ්‌ඩායම අරලියගහ මන්දිරයේදී ඊයේ (19 වැනිදා) සවස පැවැත්වූ කණ්‌ඩායම් රැස්‌වීමේදී මේ බව තීරණය කර තිබේ.
මෙම මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමට මේ වනවිට දිවයිනෙන් බැහැර සිටින මන්ත්‍රීවරුන් 10 දෙනා හැර අනික් සියලු මන්ත්‍රීවරුන් සහභාගි වී ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වුවහොත් එය සම්පූර්ණයෙන් පරාජය කිරීමට එම මන්ත්‍රී කණ්‌ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාවක් තාමත් පාර්ලිමේන්තුවට භාරදී නැති නිසා කලබල වියයුතු නැති බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...