හදිසි ණය ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර මෙරටට ඩොලර් මිලියන 794ක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ප්‍රකාශ කරයි. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිය ‘වේගවත් මූල්‍ය මෙවලම’ (Rapid Financing Instramant (RFI)) යටතේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහය ඉල්ලා සිටි අතර ඒ අනුව මෙරට රාජ්‍ය මූල්‍ය කටයුතු වැඩිදියුණු කිරීම සඳහා පුළුල් පිටුබලයක් ලබාදෙන ‘අරමුදල් පහසුකමක්’ පිළිබඳ මූල්‍ය අරමුදල සමාලෝචනය කරමින් සිටී.
මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සිය සංවිධානය විසින් ලොව රටවලට අරමුදල් සැපයීමේ ප්‍රතිශතය දෙගුණ කර ඇති බැවින් මෙරටට අනුමත කර ඇති ණය කෝටාව සම්පූර්ණයෙන්ම (100%ක්ම) ලබාගැනීමේ හැකියාව පවතින බවයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කෝටාව අමෙරිකානු ඩොලර් මිලියන 794ක් පමණ වේ.
මීට පෙර මෙරට ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක පමණ ණය ගැනුම් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර තිබේ.
Aruna

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...