දේශීය පුවත්

ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලැබුවත් යම් ප‍්‍රදේශයකින් කොරෝනා වසංගත තත්වය නැවත වර්ධනය වීමක් සිදු වුවහොත් එම ප‍්‍රදේශ නැවත වසා දැමීමට රජය කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

රජය විසින් රට විවෘත කරනු ලබන්නේ කොරෝනා අවදානම රටෙන් ගිලිහී නොමැති අවස්ථාවක බවත් එම නිසා රජය දැඩි අවධානයෙන් සිට රට විවෘත කිරීම යම්කිසි ක‍්‍රමවේදයකට සිදු කිරීම අවශ්‍ය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පවසයි.

මේ වන විට දිනකට පීසීආර් පරීක්ෂණ 1600කට ආසන්න ප‍්‍රමාණයක් සිදු කරන බවත් තම සංගමයේ මතය දිනකට එවැනි පරීක්ෂණ 2500ක්වත් සිදු කළ යුතු යැයිද ඒ මහතා කීය. රටේ පවතින තත්වය ගෙන බැලීමේ දී යම් සුබදායී තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබුවත් රට විවෘත කිරීමෙන් පසු ඇතිවිය හැකි අවදානම ගැන නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවත් කී ඒ මහතා මෙම රෝගය තවත් වසරක්වත් යනතෙක් වාර්තා විය හැකි යැයි ද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More