පසුගිය යහපාලන ආණ්ඩුවේ ඇමති රාජ්‍ය ඇමති සහ නියෝජ්‍ය ඇමති ධුර සහ උපදේශක දුර දැරූ විසි දෙදෙනෙක් මෙතෙක් සිය නිල නිවාසවලින් ඉවත් වී නැතැයි වාර්තා වෙයි.
මේ අතර රවුෆ් හකීම්, චන්ද්‍රාණි බණ්ඩාර, රවීන්ද්‍ර සමරවීර, එඩ්වඩ් ගුණසේකර, දුනේෂ් කන්කන්ද, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අමීර් අලී, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, චම්පික ප්‍රේමදාස, වඩිවෙල් සුරේෂ්, එච්.එම්.එම්. හාරිස්, ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙයිකලනාදන්, අබ්දුල් හලීම්,ෆයිසර් මුස්තාපා, චන්දිම විරක්කොඩි, දුලිප් වීජේසේකර, ටී.බී. ඒකනායක, ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ජගත් පුෂ්පකුමාර යන යහපාලන ආණ්ඩුවේ පිරිස් මෙහි සිටිති
ඔවුන්ට එම නිවාසවලින් ඉවත් වීමට ලබා දුන් මාස තුනක කාලය දැන් නිමා වී ඇති බවත් එළඹෙන 11 වෙනිදා රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ වහාම ඒ සියලු දෙනාට එරෙහිව නඩු පවරන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...