දේශීය පුවත්

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සඳුදා සිට යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුළුල් විමසුමට ලක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා   පවසයි.

පළාත් ආණ්ඩුකාරවරු සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ආයතන ක්‍රියාකාරිත්වය පිළිබද සවිස්තරාත්මක සැලසුම් සෞඛ්‍ය අංශවලට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙනු ලැබිණ.

පොදු ප්‍රවාහන කටයුතු නියමිත සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය. කාර්ය මණ්ඩලවලට ප්‍රවාහන සේවා සැපයීමේ දී ඒ ඒ ආයතනවල සුබසාධන සංගම් සමග එක්ව සැලසුම් කිරීමේ හැකියාව එතුමා පෙන්වා දුන්නේය.

ආයතන පවත්වාගෙන යාමේදී සේවක සංඛ්‍යාව තීරණය කිරීම සේවාවන් අඩාල නොවන ආකාරයෙන් සිදු විය යුතුය. ආයතනික ව්‍යුහය අනුව සේවා මුර තීරණය කළහැකිය. සේවයට වාර්තා කිරිමේ වේලාව නියමයක් ලෙස නොගෙන ආයතනික අවශ්‍යතාව මත නිර්ණය කළ යුතුය.

නිවසේ සිට වැඩ කිරීමේ දී ඇතැම් ආයතන පුළුල් පරාසයක සේවා සපයා ඇත. එය ඉදිරියට ගෙන යමින්     ඊ-මේල් සහ කෙටි පණිවිඩ භාවිතයෙන් තොරතුරු ලබා ගැනීමටත් ඒවාට පිළිතුරු ලබාදීමටත් ඊට නෛතික භාවයක් දෙන ලෙසත් ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි කාර්යයන් ද  සාකච්ඡාවට ලක් කෙරිණි. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නිර්දේශ මත ග්‍රාමීය ප්‍රදේශවල තෝරාගත් පාසල් විවෘත කිරීමේ හැකියාව සොයා බැලීමට ද තීරණය කෙරිණ. එහිදී ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ  යුතුය.

විදුලි, ජල, වාරිමාර්ග, කෘෂිකර්ම. වැව් අමුණු පිළිසකර කිරීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි සංවර්ධන වැඩ සෙසු දිස්ත්‍රික්කවල දැනටමත් පටන් ගෙන ඇත. මැයි 11 දා සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කෙරෙන දිස්ත්‍රික්කවල ද සංවර්ධන මෙහෙයුම් ඇරඹිය හැකිය. වැඩබිම් සහ ආයතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඝෘජු අධීක්ෂණයට ලක් කිරීමට ද තීරණය විය.

මී උණ සහ ඩෙංගු වැනි රෝග ආශ්‍රිතව ඉදිරියේ දී පැන නැගිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැඩි අවධානය යොමු කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More