විදේශ පුවත්

ලෝක සෞඛ්‍යය සංවිධානය ( WHO ) පවසන පරිදි ප්‍රංශ රජය පවසන පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වූ දිනයට වඩා මසකට පෙර පළමු කොවිඩ්-19 ආසාදිතයා වාර්තා විය යුතු වේ.ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO ) අද(5) දින මාධ්‍යය හමුවක් කැඳවමින් පවසා සිටියේ එම සංවිධානය කරනු ලැබූ පර්යේෂණයකට අනුව ප්‍රංශ රජය පවසන පළමු කොවිඩ්-19 වෛරස ආසාදිතයා හමුවූයේ ජනවාරි පෙබරවාරි මාසවල නොව දෙසැම්බර් මාසයේදී බවයි.

ප්‍රංශ මාධ්‍යය පවසා සිටින්නේ බොබිග්නි ප්‍රදේශයේ ඇති ඇවියෙන්සේ රෝහලේ ඇති දෙසැම්බර් මස ඇතුලත් වූ  රෝගීන්ගේ නියුමෝනියාව ඇතැයි යනුවෙන් පැවසෙන වාර්තා සහ නියුමෝනියාව නැතැයි පැවසෙන වාර්තා සියල්ල නැවත සමාලෝචනය කර ඇති බවයි.

මේ අනුව දෙසැම්බර් මාසයේ 27 වන දා සිට වාර්තා වූ රෝගින් 24 දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ්-19 වෛරසය නැවත ආසදනය වී ඇත. මෙම සොයා ගැනීම විසින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ  කී දෙනෙකු නියුමෝනියාව ලෙස වරදවා වටහා ගෙන ඇති දැයි යන පැනය බරපතල ලෙස පැන නගී.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිසිටියන් ලෙන්ඩ්මයර් මහතා ජිනීවා නුවර එක්සත් ජාතින්ගේ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියේ “වාර්තා වලින් පෙන්වන ආසාදිතයන්ට වඩා ආසාදිතයන් බොහෝ ගණනක් සිටිය හැක.” යනුවෙනි.

ක්‍රිසිටියන් ලෙන්ඩ්මයර් මහතා වැඩිදුරටත් පවසා සිටියේ සෑම රටක්ම 2019 වර්ෂයේ අවසානයේ රෝගීන්ගේ වාර්තා නැවත සමාලෝචනය කළ යුතු බවයි. මෙමගින් කොවිඩ්-19 වසංගතය පිළිබඳව සැබෑ සහ පැහැදිළි පින්තූරයක් නිරාවරණය කර ගැනීමට ලෝකයට හැකි වනු ඇති බව ඔහුගේ අදහසයි.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍ර – www.rt.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More