දේශීය පුවත්

ජුනි මස 20 වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කරමින් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා නීතීඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 11 වන දා  13 වනදා හෝ 14 වනදා යන දිනවලින් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවන ලෙසද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ගොනු කරමින් ඉල්ලා තිබුණි.

ඒ අනුව මෙම පෙත්සම  ලබන 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇතැයි පෙත්සම්කාර නීතිඥ චරිත ගුණරත්න මහතා සඳහන් කළේය.

නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි පෙත්සම්කරු පෙන්වා දෙයි.

එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ඔහූ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වූ දින සිට සති පහක් සහ සති හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කරුණු දක්වා ඇතැයි ද පවසයි.

ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම  කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුල නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බවයි කියා සිටියි.

ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More