වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් 350කට ආසන්න පිරිසක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් වන අතර යුධ හමුදා සාමාජිකයින් දස දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයෙකු ද මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතර වන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් 33 දෙනාගෙන් 31 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
සෙසු දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයින් බව අනිල් ජාසිංහ මහතා පැවසුවේ.
මේ අතර තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සිව් දෙනෙකු හදුනාගෙන තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් දක්වා ඉහළ යන බවයි.
ආසාදිතයින් 194 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර 553 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...