විදේශ පුවත්

කොරෝනා වෛරසය මර්දනය කිරීම සහ පාලනය කිරීම මෙන්ම ව්‍යාපාර ණය සහන ඇතුළු ඊට අදාළ වියදම් සඳහා ඩොලර් ට්‍රිලියන 3 ක ණය ලබා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කරනවා.

මේ වසරේ දෙවන කාර්තුව තුල අදාළ ණය මුදල ලබා ගැනෙන්නේ රජයේ බැඳුම්කර ලොව පුරා ආයෝජකයන් වෙත අලෙවි කිරීමෙන්.

මෙය 2008 වසරේ මූල්‍ය අර්බුදය හමුවේ කාර්තුවකදී ලබා ගත් වාර්තාගත ණය මුදල මෙන් 5 ගුණයක් වීම විශේෂත්වයක්.

මේ අනුව ඇමරිකා එක්සත් ජනපද රජයේ මුළු ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 25 ඉක්ම වනවා.

69,000 ඉක්ම වූ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව මෙන්ම දොලොස් ලක්ෂය ඉක්ම වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේද ඇමරිකා එක්සත් ජනපදයෙන්.

ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව කොරෝනා මරණ 1015 ක් වාර්තා වී ඇති අතර, එය මසකින් සටහන් වූ දිනෙක අඩුම කොරෝනා මරණ සංඛ්‍යාවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More