දේශීය පුවත්

කොරෝනා වසංගතය නිසා දැනට පනවන ඇඳිරිනීතිය නීති විරෝධී බව කියමින් ශ‍්‍රී ලංකාවට මඩ ගැසීමේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ඉතා හොර රහසේ ක‍්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු ලැබෙමින් ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ශ‍්‍රී ලංකාව කොරෝනා වසංගතය ඉතාමත් සාර්ථක අන්දමින් මැඬලීම සඳහා ක‍්‍රියා කිරීම ගැන ජාත්‍යන්තරයේම ප‍්‍රසාදයට සහ කීර්තියට පත්වෙමින් තිබියදී එය වැළැක්වීමේ අරමුණ මුල්කර ගෙන ඉතාමත් ඊර්ෂ්‍යාවෙන් සහ කුහකත්වයෙන් යුතුව මෙම මඩ ගැසීමේ සැලැස්ම අරඹා ඇති බව ද ඒ මහතා කීවේය. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම පැවසීය.

ශ‍්‍රී ලංකාවේ නැති ප‍්‍රශ්න ඇති කිරීම මෙම කුමන්ත‍්‍රණයේ එක් පියවරක් වී ඇති බව ද කී අජිත් රෝහණ මහතා ‘කොරෝනා’ මැඬලීම සඳහා ස්වයං නිරෝධායන මෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයන් ඇතුළු විවිධ ක‍්‍රමවේද ක‍්‍රියාත්මක කිරීමෙන් කොරෝනා වසංගතය මැඬලීමට බොහෝ දුරට හැකි වූ බව ද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More