දේශීය පුවත්

අදියර කිහිපයක් යටතේ පාසල් නැවත විවෘත කර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මැයි මස 11 වැනි දින රාජ්‍ය ආයතන රාජකාරි කටයුතු ආරම්භ කිරීමත් සමග විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළමු සතියේ පාසල් විෂබීජහරණය කිරීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා සෞඛ්‍ය හා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහාය ලබාගත යුතු වේ.

ඉන්පසු උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත සමාජ දුරස්ථ භාවය අකුරටම පිළිපදිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. පාසලට ඇතුළු වීමට පෙර සෑම දරුවකුගේම උණ පරීක්ෂා කළ යුතුය. පාසල් ගේට්ටුව අසල ජල කරාම සවි කර දරුවන් ඇතුළු වීමට පෙර දෑත් සේදීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වෙයි. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කර සතියකට පසු පස්වැනි ශ්‍රේණියේ සිට නවවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඉන්පසු ප්‍රාථමික අංශයේ පන්ති කාමර ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ජුනි මස 01 වැනි දින වනවිට සියලු පාසල් යළි විවෘත කිරීමට සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More