දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තේය.

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවකෙි. මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැගිලි පරිශ්‍රය වෙත සැකකරු ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවේය.

එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනුණි. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ. අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට පියවර ගැනුණු අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More