දේශීය පුවත්

කොවිඩ්-19 වෛරස තත්ත්වයට අදාලව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර මුදල් ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

‍ෙකොරෝනා වෛරස ආසාදිත පළමු රෝගියා වාර්තා වීමෙන් සිට වෛරසය මැඩපැවැත්වීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම රෝගය පාලනය කිරීම සදහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුද්ධි අංශ විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර තබේ.

විදේශ ආධාර ලැබීම් සහ වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල කරන අතර ඒ පිළිබඳ නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇති බව සදහන්ය.

කෙසේවෙතත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ විදේශ ආධාර මුදල් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සැපයීමේ හැකියාව පවතින්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බවයි.

ඒ අනුව ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අමෙරිකානු ඩොලර් මිලියන 127 ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාල ගිවිසුම් අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

එහෙත් මේ දක්වාත් එම මුදල් මෙරටට ලැබී නොමැති අතර ඉදිරියේදී ඒවා ලැබීමට නියමිතව පවතින බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More