දේශීය පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ඇඳිරි නීතිය විරුද්ධව මානව හිමිකම් කොමිසමට ගතු කියයි. එම්.ඒ සුමන්තිරන් විසින් කොරෝනා වෛරසය පාලනයට ඇඳිරිනීතිය පැනවීම මානව හිමිකම් කඩවීමක් බවට සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලිපියක් යොමු කර තිබේ.

පිටපත් තුනකින් සමන්විත මෙම ලිපිය මඟින් සුමන්තිරන් පෙන්වා දීමට උත්සහාකර ඇත්තේ නීතිවිරෝධි ආකාරයෙන් රජය විසි්න් ඇඳිරිනීතිය පනවා ඇති බවයි. ඒ අනුව මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එම ලිපිය මඟින් සුමන්තිරන් පෙන්වා දීමට උත්සහාකර තිබේ.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇඳිරි නීතිය කඩ කිරීමට අදාළව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට ඇප ලබා ගැනීමේදී තමන් මේ පිළිබඳ තර්ක කළ බවද සුමන්තිරන් සිය ලිපියෙන් මානව හිමිකම් කොමිසමේ අවදානය යොමු කරනු ලැබ තිබේ.

එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා රාමනායක හිටපු මන්ත්‍රීවරයා ඇඳිරි නීතිය පැනවීමට අදාළව නීති කඩ කර ඇති බවයි.

මේ අතර ඔහු නිරෝධායන නීතියට අනුවඇඳිරි නිතිය පැනවීමට හැකියාවක් නොමැති බවත් සුමන්තිරන් වැඩිදුරටත් සිය ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

 



One thought on “සුමන්තිරන් මානව හිමිකම් කොමිසමට ගතු කියයි – රට අස්ථාවර කිරීමේ ඩයස්පෝරා කුමන්ත්‍රණය ඇරඹෙයි”

  1. To hell with the Human rights .Let them first see how America & the Europe let people die with corona breaking all human rights and not protecting them rightly.Kudos to Gota.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More