කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පවතිද්දීම 11 වැනිදා (සඳුදා) සිට ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
එකී දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජන ජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත. ආයතන පවත්වාගෙන යාමේදී කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපැදීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව, කැඳවිය යුතු සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කළ හැකිය. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.
වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළ යුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ.
අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයාරෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරෙකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගු වන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැලඳ සිටින්නේනම් පමණි.
කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 06 බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.
මේ දිස්ත්‍රික්කවල මැයි 06 බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...