හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක වන හොදම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ලොව පුරා රටවල යුධ හමුදාවන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගත් හදිසි ආපදා තත්ත්වයන්හිදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින අතර ඉන් පළමු තැන හිමිවී ඇත්තේ ඊශ්‍රායෙල් යුධ හමදාවට බව ඔහු කියා සිටියේය.
කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයේ සිදු කළ මෙහෙය සැළකිල්ට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම වර්ගීකරණයේදී ශ්‍රී ලංකා යුධ හමුදාවට දෙවන ස්ථානය ලබා දී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් සිල්වා සඳහන් කර සිටියේය.
හදිසි අවස්ථාවක රෝහලක් ඉදි කිරීමේ හැකියාව වැනි දෑ මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සැළකිල්ලට ගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කළේය.
කොවිඩ් – 19 වසංගතය මර්දනය කිරීමෙහිලා ශ්‍රී ලංකා යුධ හමුදාව දින 05ක් තුළ ඉරණවිල ප්‍රදේශයේ කොවිඩ් – 19 සදහා ප්‍රතිකාර ලබා දෙන රෝහලක් ඉදි කිරීමට කටයුතු කළ අතර නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමද කෙටි කාලයක් තුළ සිදු කරන ලදී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...