කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම්වලට ජනාධිපති ගෝඨාභය රාජපන්ෂ මහතාගේ නියමයෙන් රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා ද ගෙවීමට තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.
මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.
වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මස සිට පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇත.
මෙම කණ්ඩායම්වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද දීමනාව හිමි වෙයි.
මැයි මාසය සඳහා විශ්‍රාම ගෙවීම හෙට ආරම්භ කොට පොහොයට පෙර අවසන් කරනු ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...