දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට(04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සකත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය

අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා රැස්විමක් සඳහා හෙට දිනයේ අරලියගහ මන්දීරය වෙත කැඳවා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ මෙම රැස්වීම සඳහා සහභාගීවිමට මීට පෙර තම පක්ෂය තීරණය කර තිබු බවයි.

නමුත් මෙම රැස්වීමට  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් ක්‍රියාකාරි දේශපාලන නායකයින්ට ආරාධනා කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙයි.

මෙවැනි අවස්ථාවකදී අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අදාල නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මේ හේතුව මත මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි.

එහෙත් කොවිඩ් නයින්ටීන් උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට සහය විමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද එම නිවේදනයේ සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More