දේශීය පුවත්

නිදහස් වෙළද කලාප ආශ්‍රිත හා ඉන් පිටස්තර කර්මාන්ත ශාලා නැවත සිය නිෂ්පාදන ආරම්භ කිරීමේදී සෞඛ්‍ය අංශ උපදෙස් අනුව කටයුතු කිරීම අනිවාර්යය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ආයෝජන මණ්ඩලයටද උපදෙස් දී ඇති බවයි.

දිවයින පුරා පිහිටි නිදහස් වෙළද කලාප වල මේ වන විට කර්මාන්ත ශාලා 244 ක් සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

සේවක සේවිකාවෝ 46230ක් ඒවායේ සේවය කරති.

කටුනායක නිදහස් වෙළද කලාපයේ පමණක් පසුගිය බ්‍රහස්පතින්දා වන විට කර්මාන්ත ශාලා 62ක නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබුණි.

සේවක සේවිකාවෝ 6695 දෙනෙකු එහි එම කර්මාන්ත ශාලා වල සේවයට යොදවා ගෙන තිබේ.

බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 52ක සේවක සේවිකාවෝ 9031 සිය කටයුතු නැවත ආරම්භ කර තිබේ.

උතුරු නැගෙනහිර ප්‍රදේශවලද කර්මාන්ත ශාලා 25ක සේවක සේවිකාවෝ 7292 සේවය කරති.

මැයි මස 11 වන දින වන විට මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම  සෑම කර්මාන්ත ශාලාවක්ම සෞඛ්‍ය අංශ උපදෙස් නිසි ලෙස පිළිපදින්නේදැයි ආයෝජන මණ්ඩලය හා මහජන පරීක්ෂකවරුන් දැඩි අවධානයයෙන් පසුවන බවද කියා සිටී.

මේ අතර කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ආයතන යලි ආරම්භ කිරීමේදී සෞඛ්‍ය නිර්නායක නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බවද ඇමතිවරයා ආයතන එම ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More